ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට , සිනමා කෘතියක් තුළින් දිවයිනේ ගම් නියම් ගම් සිසාරා සමාජ සද්කාර්යය මාලාවක් ඉටු කිරීම උදෙසා නාට්ටාමි ආමි සැරසෙන වගයි. දේවින්ද කෝන්ගහගේ සිනමා වියමක්. ගාමිණී පතිරණගේ විධයක නිෂ්පාදනයක්. සයිබර් සිනමා කෝපරේශන් නිශ්පාදනයෙන්, කපුටා සිනමා හා කපුටා ටීවී ඉදිරිපත් කිරීමක් ලෙස නිමැවුනු " නාට්ටාමි ආමී " සිනමා කෘතියේ මූලිකත්වයෙන් සහ සංවිධානත්මක මෙහෙයවීමෙන් යුතුව, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය , ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිසර ආරක්ශන කොට්ඨාශය එකව දියත් කෙරෙන නව්‍ය සමාජ සද්කාර්‍යය මෙහෙයුම. " සිනමාවෙන් නෙත් පෑදීම " 2023 අගෝස්තු මස 6 වැනිදා පෙරවරුවේ, කොළඹ කොටුවේ ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණ පරොශ්‍රයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මූළිකත්වයෙන් සහ දානමය දායකත්වයෙන් නාට්ටාමිවරුන් සහ එම පවුල් වල සාමාජිකයන් 500 දෙනෙකුගේ ඇස් නොමිලේ පරීක්ෂාකර , නො...