ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට , සිනමා කෘතියක් තුළින් සමාජ සද්කාර්යය මාලාවක්


ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම  වරට , සිනමා කෘතියක් තුළින් දිවයිනේ ගම් නියම් ගම් සිසාරා සමාජ සද්කාර්යය මාලාවක් ඉටු කිරීම උදෙසා 

නාට්ටාමි ආමි  සැරසෙන වගයි. 

දේවින්ද කෝන්ගහගේ සිනමා වියමක්. ගාමිණී  පතිරණගේ විධයක නිෂ්පාදනයක්.

සයිබර්  සිනමා  කෝපරේශන් නිශ්පාදනයෙන්, 

කපුටා  සිනමා හා  කපුටා ටීවී  ඉදිරිපත් කිරීමක් ලෙස  නිමැවුනු 

" නාට්ටාමි ආමී " සිනමා කෘතියේ  මූලිකත්වයෙන් සහ සංවිධානත්මක මෙහෙයවීමෙන් යුතුව, 

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය  , ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව  සහ  ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිසර  ආරක්ශන කොට්ඨාශය  එකව දියත් කෙරෙන නව්‍ය  සමාජ   සද්කාර්‍යය මෙහෙයුම. 

" සිනමාවෙන්  නෙත් පෑදීම " 

2023 අගෝස්තු මස  6 වැනිදා පෙරවරුවේ, කොළඹ කොටුවේ  ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණ පරොශ්‍රයේදී  පැවැත්වේ. 

ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මූළිකත්වයෙන් සහ දානමය දායකත්වයෙන් නාට්ටාමිවරුන්  සහ  එම පවුල් වල සාමාජිකයන් 500 දෙනෙකුගේ ඇස් නොමිලේ පරීක්ෂාකර , නොමිලේ කන්ණාඩි ලබාදීම ,  ඇසේ සුද ඉවත් කිරීමේ  සැත්කම් නොමිලේ සිදුකිරීම සඳහා ලියාපදිංචි කර , අදාල දින කාලසටහනට අනුව එම සැත්කම්  නොමිලේ සිදුකිරීම  සහ ,

ඊට සමගාමීව ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ මූලිකත්වයෙන්  නාට්ටාමිවරුන්ගේ පාසල් යන වයසේ දරුවන් වෙනුවෙන් , විශේෂ ක්‍රීඩා වැඩමුලුවක් පවත්වා ඔලිම්පික් කමිටුවේ අධීක්ෂනය යටතේ එම  දරුවන්ව ක්‍රීඩාවට යොමුකිරීම  සහ තෝරා ගැනෙන  දරුවන් සඳහා ක්‍රීඩා කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වයන් ලබාදීම , මෙන්ම 

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පාරිසරික  ආරක්ශන කොට්ඨාශය විසින් මෙහෙයවනු ලබන නාට්ටාමිවරුන්  දැනුවත් කිරීමේ විශේෂ පරිසර  ආරක්ශන වැඩමුලුව එදිනට පැවැත්වෙන වගයි. 

නාට්ටාමි ආමි නව්‍ය සංකල්පයට අනුව දියත් කෙරෙන  

" පරණ තාලෙට බයිස්කෝප්"

සමාජ  සද්කාර්යය මෙහෙයුමෙන් , 

අගෝස්තු මස  6 වැනි ඉරිදා  සවස 7 ට   ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාපිටියේ ඉදි කෙරෙන එලිමහන්  පුළුල් තිරයේ ,  නාට්ටාමිවරු සහ එම  පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් නාට්ටාමි සි නමා කෘතිය , නොමිලේ විශේෂ දර්ශනයක් තිරගත් කෙරෙන වගයි.  

දේවින්ද කෝන්ගහගේ සහ  ගාමිණී පතිරණගේ සංකල්පයටකට අනුව දියත් කෙරෙන  , නාට්ටාමි ආමි තුළින් 

" සිනමාවෙන් නෙත් පෑදීම "

සහ

"පරණ තාලෙට බයිස්කෝප් "

සමාජ  සද්කාර්යයන් පිලිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව 2023 ජූලි  20 දින ,  බස්නාහිර පලාත්  සංස්කෘතික කේන්ද්‍රයේදී  (නාඩා ) පැවැත්වින. එම  අවස්තාවට නාට්ටාමි ආමි සිනමා කෘතියේ අධ්‍යක්ෂක , නිශ්පාදක සහ ප්‍රවීන රංගන ශිල්පීන් සමග ,  ශ්‍රී ලංකා අක්ෂිදාන  සංගමයේ භාරකාර මන්ඬල සභාපතිතුමා ඇතුලු නිලධාරීන්   ද , ශ්‍රී ලංකා ඔලිම්පික්  කමිටුවේ නියෝජිතයන් ද , ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පාරිසරික ආරක්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂක තුමා ඇතුලු නිළධාරීන් මෙන්ම ප්‍රමුක පෙලේ මාධ්‍ය ආයතන , ජනමාධ්‍යවේදීන් සහ  වාර්තාකරුවන් ද  සහභාගී විය. 

එම සුවිශේෂී මාධ්‍ය හමුවේ විවිධ අවස්තාවන් මෙසේ කැමරා කාචයේ සටහන් විය.

















Comments

Popular posts from this blog

"වෙනසක් කරන්න ඕනෙනන් ඒ වෙනස තමන්ගෙන් ආරම්භ වෙන්න ඕන." - අමිත්ත වීරසිංහ