Posts

Showing posts from July, 2023

"පිටින් දඩබ්බර පෙනුමක් තිබ්බට නාට්ටාමිවරුන්ගේ හදවත හරි ලස්සනයි. " - ගාම...

Image
"පිටින් දඩබ්බර පෙනුමක් තිබ්බට නාට්ටාමිවරුන්ගේ හදවත හරි ලස්සනයි. ඒ නිසාම අපට ඕන වුණා ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් එකතු කරන්න." "cyber cinema corporationහි ප් ‍ රධාන අරමුණක් තමයි ගමේ ඉන්න දක්ෂතා ඇති නිර්මාණ කරුවන්ට අතහිත දීම." "මම ඇත්තටම එන්නෙ ගමෙන්. මගේ උපන් ගම නුවර මම ගියේ මගේ ගමේ පාසලට. කෙන්ගල්ල මහා විද් ‍ යාලය තමයි මගේ පාසල. හැබැයි අපි ඉස්කෝලේ කාලේ අපේ පාසලේ තිබ්බේ සාහිත් ‍ ය සමිති විතරයි. එහෙම නැතුව දැන් කාලෙ ළමයින්ට තියෙනවා වගේ පහසුකම් තිබ්බෙ නෑ." ගාමිණී පතිරණගේ සභාපති සයිබර් සිනමා කෝපරේෂන් | කපුටා මාධ් ‍ ය ජාලය

"සමස්ත සිනමා කර්මාන්තයම යැපිලා තියෙන්නෙ ප්‍රේක්ෂකාගාරය මත. පොදු ජනතාව ටිකට් අරන් බලන්න ගියෙ නැත්තං සිනමාව කොයිතරම් ස්වර්ණමය වුණත් පවතින්නේ නෑ.

Image
  "සමස්ත සිනමා කර්මාන්තයම යැපිලා තියෙන්නෙ ප් ‍ රේක්ෂකාගාරය මත. පොදු ජනතාව ටිකට් අරන් බලන්න ගියෙ නැත්තං සිනමාව කොයිතරම් ස්වර්ණමය වුණත් පවතින්නේ නෑ. ස්වර්ණමය කියන Tag එක ගහන්න පුළුවන් වෙන්නේ ඔවුන් පෝලිං හැදිලා බලන්න ගිය නිසා." "හැබැයි සිනමාව ඇතුළේ සිනමාකරුවෝ අධ් ‍ යක්ෂකවරු නළු නිළියෝ සහය අධ් ‍ යක්ෂකවරුන් කිසිම කෙනෙක් ලංකාවේ බදු වලට කිසිම ලෙසකින් සම්බන්ධ වෙලාම නෑ. ඒ කියන්නේ අපේ සමාජයට මෙලෝ දායකත්වයක් දක්වලා ම නෑ. අපේ වෘත්තීය ඇතුලේ දක්වන දායකත්වය පමණයි" දේව්න්ද කෝන්ගහගේ චිත් ‍ රපට අධ් ‍ යක්ෂ

ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම වරට , සිනමා කෘතියක් තුළින් සමාජ සද්කාර්යය මාලාවක්

Image
ශ්‍රී ලාංකේය සිනමා ඉතිහාසයේ ප්‍රථම  වරට , සිනමා කෘතියක් තුළින් දිවයිනේ ගම් නියම් ගම් සිසාරා සමාජ සද්කාර්යය මාලාවක් ඉටු කිරීම උදෙසා  නාට්ටාමි ආමි  සැරසෙන වගයි.  දේවින්ද කෝන්ගහගේ සිනමා වියමක්. ගාමිණී  පතිරණගේ විධයක නිෂ්පාදනයක්. සයිබර්  සිනමා  කෝපරේශන් නිශ්පාදනයෙන්,  කපුටා  සිනමා හා  කපුටා ටීවී  ඉදිරිපත් කිරීමක් ලෙස  නිමැවුනු  " නාට්ටාමි ආමී " සිනමා කෘතියේ  මූලිකත්වයෙන් සහ සංවිධානත්මක මෙහෙයවීමෙන් යුතුව,  ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය  , ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුව  සහ  ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිසර  ආරක්ශන කොට්ඨාශය  එකව දියත් කෙරෙන නව්‍ය  සමාජ   සද්කාර්‍යය මෙහෙයුම.  " සිනමාවෙන්  නෙත් පෑදීම "  2023 අගෝස්තු මස  6 වැනිදා පෙරවරුවේ, කොළඹ කොටුවේ  ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණ පරොශ්‍රයේදී  පැවැත්වේ.  ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මූළිකත්වයෙන් සහ දානමය දායකත්වයෙන් නාට්ටාමිවරුන්  සහ  එම පවුල් වල සාමාජිකයන් 500 දෙනෙකුගේ ඇස් නොමිලේ පරීක්ෂාකර , නොමිලේ කන්ණාඩි ලබාදීම ,  ඇසේ සුද ඉවත් කිරීමේ  සැත්කම් නොමිලේ සිදුකිරීම සඳහා ලියාපදිංචි කර , අදාල දින කාලසටහනට අනුව එම සැත්කම්  නොමිලේ සිදුකිර

කාන්ති | නාට්ටාමි ආමි | Nattami Army

කාන්ති...! සුන්දර ගැමි දෙදරු මවක් වන අතර කඹයක් අද්දර ජීවිතයේ අවසානය දුටු මූල් ‍ යමය වශයෙන් පීඩිත ගොවියෙකුගේ වැන්දඹුවකි. ඇය ගෘහනියක් වන අතර, වැන්දඹුවක් ලෙස තම පවුලේ බර තනිවම දරන්නට සිදුවේ තනිකඩ මවක් ලෙස ජීවිතයේ අනපේක්ෂිත දේ දරාගෙන තම කුටුම්භය රැක ගැනීමට ධෛර්යයෙන් දරන වෑයම සාර්ථක වේද?.... නාට්ටාමි ආමි | Nattami Army දේවින්ද කෝන්ගහගේ සිනමා වියමනක් සයිබර් සිනමා කෝපරේශන් සමග කපුටා සිනමා නිෂ්පාදනයක්... #kanthi #jayanisenanayake #NattamiArmy #SinhalaMovie #ActionFilm #SriLankanCinema #Blockbuster #FilmIndustry #SinhalaEntertainment #CinematicExperience #ThrillingAdventure #MustWatch #EpicStoryline #EmotionalRide #PowerfulPerformances #LocalPride #FilmFestival #FanFavourite #BehindTheScenes #FilmProduction #NattamiArmyMovieReview #nattamiarmy #devindakonga #artandhearttv #dev #kaputacinema #kaputatv #gaminipathiranage #sinhlamovie #freesinhalamovie #sinhalafilm